Saturday, July 23, 2011



මීටර් 3000 කාන්තා බාධක දිවීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළිත් සිය නමට ලියා ගැනීමට ඩබ්කේඑල්එම් නිමාලි සමත් වූවාය.ආබාධ තත්ත්වයක් හේතුවෙන් පසුගිය කාලයේ මද පසුබෑමකට ලක්ව සිටි නිමාලි ට අභියෝගයක් වූ එරංගා දුලක්ෂි කිහිප වරක්ම මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළාය.ඒ ආකාරයට තෙවරක් ඇය ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ අතර එරංගාට පෙර ‍සිව්වරක්ම මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ නිමාලි මෙම ඉසව්වේ වාර්තාලාභිණිය ලෙස වාර්තා පොතට මෙවර නම ඇතුළත් කර ගත්තේ පස්වන වරටය.


මෙවර නිමාලි තැබූ වාර්තාව විනාඩි 10:31.26 ක් වන අතර ඇය බිද දැමූ එරංගා සතුව පැවති වාර්තාව විනාඩි 10:37.57 කි.මෙම ක්‍රීඩාකාවන් දෙදෙනාම ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන අතර මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම ලාබාල ක්‍රීඩිකාවන් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අනාගතයට ඉතා වැදගත්ය.ඒ තත්ත්වය සළකා මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීම වැදගත් බව පෙන්වා දුන්නද බලධාරීන් එය මායිම් කළේ නැත.


එරංගා මෙවර ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් එකම පදක්කම්ලාභිණිය වූ අතර නිමාලිව ද මීට වසර කිහිපයකට පෙර ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට යොමු කිරීමට බලධාරීන් පියවර නොගත් නිසා ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාවක් අහිමි විය.


Sat, Jul 23, 2011 at 8:22 PM